මැතිවරණ ප්‍රචාරක කටයුතු හෙටින් අවසන්

ලබන 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්රත්නායක කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කරනු ලැබුවා.

ඉන් අනතුරුව එළැඹෙන නිහඬ කාලයේදී කිසිදු අපේක්ෂකයෙකුට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු කිරීමට අවස්ථාව හිමි නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.