UPDATE:
(2025.04.29) 03.21 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය හිටපු උප සභාපතිවරයෙකු වන එල්. ඒ. විමලරත්න ඇප මත මුදා හැර තිබෙනවා.ඒ ඔහු අද තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.
———-
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය හිටපු උප සභාපතිවරයෙකු වන එල්. ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ මැණික් ගඟ රක්ෂිතයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.මේ සම්බන්ධයෙන් මීට පෙර කතරගම ප්රාදේශිය සභාවේ හිටපු සභාපති අශෝක වික්රමසිංහ ද අත්අඩංගුවට ගත් අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර ඇතුලු පිරිසකගෙන් පොලිසිය ප්රකාශ ද සටහන් කර ගත්තා.

