2026 අවසන් වන විට එක්සත් ජනපදයේ අලෙවි කරන iPhones බහුතරයක් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට Apple ආයතනය සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ ඇමරිකාව සහ චීනය අතර පවතින තීරු බදු සම්බන්ධ නොසන්සුන්කාරී වාතාවරණයත් සමඟයි.
මේ වන විට ඇමරිකාවේ අලෙවි කරන iPhone මිලියන 60න් සියයට 80 ක් චීනයේ නිෂ්පාදනය කරනු ලබනවා.
කෙසේවෙතත් මේ වන විට පනවා ඇති අධික තීරු බදු හේතුවෙන් නිෂ්පාදන වියදම අවම කර ගැනීම සඳහා මෙලෙස ඉන්දියාව වෙත එම නිෂ්පාදන කටයුතු ලබා දීමටයි Apple සමාගම තීරණය කර ඇත්තේ.

