උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්

2024/2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා

ඒ අනුව මැයි 02 සිට මැයි 16 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතිනවා.

www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට ප්‍රවේශ වී, ඒ සඳහා අයැදුම් කළ හැකි ය.

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් සංඛ්‍යාව, එක් ලක්ෂ 77 588 කි.