රුපියල තවත් අවප්‍රමාණය වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 295.10 සිට රු. 295.46 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 303.79 සිට රු. 304.10 දක්වා ඉහළ ගොස් තිබේ.