මේ වසරේ මුල් මාස දෙක තුළ දී මෙරට ප්රධාන බෝගවන තේ, පොල්, රබර් නිෂ්පාදනය පහළ ගොස් ඇතැයි ශ්රි ලංකා මහ බැංකුව සදහන් කරනවා.
වියළි කාලගුණ තත්ත්වය හමුවේ පෙබරවාරි මාසයේදී තේ නිෂ්පාදනය කිලෝග්රෑම් මිලියන 15.6 ක් දක්වා පහත වැටී ඇති බවයි මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවල දැක්වෙන්නේ.
එසේම, රබර් නිෂ්පාදනය ද පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී කිලෝග්රෑම් මිලියන 5 යි දශම 03 ක් දක්වා පහත වැටී තිබෙනවා.
පොල් නිෂ්පාදනය ද පෙබරවාරි මාසයේදී ගෙඩි මිලියන 178.01 ක් දක්වා පහත වැටී තිබෙනවා.

