දළඳා වන්දනාව සඳහා විශාල ගමන් මලු රැගෙන ඒමෙන් වළකින්න

සිරි දළදා වන්දනාව සදහා මහනුවර නගරයට පැමිණෙද්දි විශාල ප්‍රමාණයේ ගමන් මලු රැගෙන නොඑන ලෙස යුද හමුදාව සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මීට පෙර ද යුද හමුදාව මෙම ඉල්ලීම කර තිබූ නමුත්, ඒ පිළිබදව සැදැහැවතුන් අවධානයක් යොමු කර නොමැති බවයි යුද හමුදාව සඳහන් කරන්නේ.

දළදා ප්‍රද්ර්ශනය පැවැත්වෙන කාලය තුළ දළදා වහන්සේගේ හා දළදා මාළිගාව අවට ආරක්ෂාව මෙන්ම, බැතිමතුන්ගේ ද ආරක්ෂාව සදහා ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.