විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සදහා කෙටි පනිවුඩයක් ලැබුණු විටදී වහල මත සූර්ය බල ශක්තිය ස්ථාපනය කරන සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.
මේ අතර උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බවට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළ බව එහි සඳහන් වේ.
ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරෑප ලෙස සමාන විය යුතු බව පෙන්වා දෙන එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවකදී විදුලි නිෂ්පාදනයද අඩු කළ යුතු බවය.
එමෙන්ම ඉරිදා සහ ජාතික නිවාඩු දිනවල පවා විදුලි ඉල්ලුමේ අඩුවක් ඇති වන බැවින් එම දිනවල පවා විදුලි සැපයුම අඩු කළ යුතු බවත් එම මණ්ඩලය මෙම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

