ප්‍රදේශ කිහිපයකට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බල පෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය.

ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල කටයුතු කරන ලෙස දන්වා ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.