අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙම විශේෂ දුම්රිය ගමන් වාර එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්රියාත්මක වනු ඇත.
විශේෂ දුම්රිය කාලසටහන යටතේ ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් සිය ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමේ හැකියාව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්රියාත්මක වනු ඇත.
තවද බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

