ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (14) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 

එසේම බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ද අපේක්ෂා කළ හැකි වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.