අප්‍රේල් දින නවයට සංචාරකයන් 56,567 ක් දිවයිනට

මෙම මාසයේ පළමු දින 09 තුළ විදෙස් සංචාරකයින් 56,567 ක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරනවා.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියානුවන් වන අතර බ්‍රිතාන්‍යය, රුසියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය, බංගලාදේශ සහ චීනය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුලු සංචාරකයින් සංඛ්‍යාව 778, 843 ක්.