ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නැගෙනහිර, ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය.
ඒ අනුව සෞඛ්‍ය අංශ මගින් දක්වා ඇති ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

