එංගලන්තයේ මෙතෙක් බිහි වූ ප්‍රමුඛතම ටෙස්ට් කඩුලු ලාභියා වන James Anderson ට ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වෙනවා.
42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය දා කඩුලු 704ක් ලබා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේ එහි වඩාත්ම සාර්ථක වේග පන්දු යවන්නා බවට පත් වෙමිනුයි.
2002 දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගයකදී එංගලන්තය වෙනුවෙන් පළමු වරට පෙනී සිටි ඔහු 2003 මැයි මාසයේදී ඔහුගේ ප්‍රථම ටෙස්ට් තරගයට පෙනී සිටියා.
දශක දෙකකට අධික කාලයක් පුරා පැවති ජාත්‍යන්තර වෘත්තීය ජීවිතය තුළ ඇන්ඩර්සන් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 188ක්, එක්දින තරග 194ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 19ක් ක්‍රීඩා කර තිබෙනවා.
හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ මොහුට මෙසේ නයිට් පදවියක් පිරිනමා තිබෙනවා.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දේ ලබා දුන් ඔහුට මෙය හිමිවිය යුතු සම්මානයක් බවයි.

