අස්වැසුම අප්‍රේල් ගෙවීම අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම අප්‍රේල් මස දීමනා අද දිනයේදී ප්‍රතිලාභීින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව මේ යටතේ සුදුසුකම් ලැබූ පවුල් 17,37,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක මුදලක් බැර කරනු ඇති.

එසේම, ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944ක් සදහා රුපියල් බිලියන 2.9ක් ද අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි සුබසාධක ප්‍රතිලාභී මණ්ඩලය සඳහන් කළේ.