ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක සේවාව අප්‍රේල් 15, 16 සහ 17 යන දිනවල අත්හිටුවන බව ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා සඳහන් කරනවා.
කෙසේවෙතත් එක්දින සහ සාමාන්‍ය සේවාවන් සැපයීම සඳහා ටෝකන් පත් එම දිනවල දහවල් 12 දක්වා නිකුත් කරනු ලබන බව සඳහන්.

