අවුරුද්දට දින තුනක් සුරාසල් වැසෙයි

එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ එම දිනයන්වල පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබීම හේතුවෙනුයි.

අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.