දේශබන්දු තෙන්නකෝන්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිට අද (10) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇපමත මුදාහැර තිබෙනවා.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණා.

දින 20කට ආසන්න කාලයක් සැඟව සිටීමෙන් පසුව ඔහු මාර්තු 19වනදා මෝසමක් මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වුණා.

ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ ඔහු අවසන් වරට මේ මස ඉකුත් 3වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබුණි.

අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අවසතාවේ දී අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔහුව මුදාහැර ඇත.