‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙනවා.
මේ දිනවල මදුරු ගහණයේ වැඩිවීමක් පවතින හෙයින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීමෙන් ”චිකුන්ගුන්යා” රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.
ලොව රටවල් 115ක පමණ ව්‍යාප්ත වී ඇති ”චිකුන්ගුන්යා” රෝගය මේ වනවිට ශ්‍රී ලංකාව තුළද පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මේ වනවිට මෙරටින් ‘චිකුන්ගුන්යා’ රෝගීන් 190ක් වාර්තා වී ඇති අතර ඉන් 65ක් ‘චිකුන්ගුන්යා’ රෝගීන් බවට සායනිකව තහවුරු වී තිබෙනවා.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.
මේ අතර ඩෙංගු යළි හිස ඔසවමින් පවතින පසුබිමක අද වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 37 දෙනෙකු ඇතුළුව රෝගීන් 87 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.
ඒ අනුව රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය කඩිනමින් පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ.

