වසර 10,000 කට පෙර ඇමරිකාව පුරා ව්‍යාප්තව සිට වඳ වී ගිය dire wolf පැටවුන් තිදෙනෙක්ට උපත ලබා දීමට අමෙරිකානු ජෛව තාක්ෂණ සමාගමක් වන Colossal Biosciences ආයතනය සමත්ව තිබෙනවා.
ජාන ඉංජිනේරු විද්‍යාව සහ පුරාණ DNA භාවිතා කරමිනුයි මෙලෙස පැටවුන් තිදෙනෙක් නිපදවා ඇත්තේ.
Romulus, Remus, සහ Khaleesi ලෙස නම් කර ඇති මෙම සතුන් සැබවින්ම භයානක වෘකයන් නොවන බවයි ක්ෂේත්රයේ වෙනත් විශේෂඥයින් සඳහන් කරන්නේ.
නවසීලන්තයේ ඔටාගෝ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යාඥ පිලිප් සෙඩන් පැහැදිලි කළේ ඔවුන් ජානමය වශයෙන් වෙනස් කරන ලද අළු වෘකයන් බවයි.

