වසරේ පළමු කාර්තුවේ වාර්තාගත සුරාබදු ආදායමක්

2025 වසරේ පළමු කාර්තුවේ සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

මාර්තු 31 වනදා වන විට උපයා ඇති සුරාබදු ආදායම රුපියල් බිලියන 61.3 බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එය පසුගිය වසරේ පළමු කාර්තුවට වඩා සියයට 117.7ක වර්ධනයක් ලෙස දැක්වෙනවා.

එසේම මාර්තු 31 වනදා දක්වා ආදායම් ඉලක්කය බිලියන 48 ක් බවත්, එය සියයට 127.7 ක ප්‍රගතියක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා.