බිත්තර මිල යළිත් ඉහළට

වෙළෙඳපොලේ බිත්තර මිල ගණන් යළිත් ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා.

ඒ අනුව පසුගිය සතියේ රුපියල් 25 කටත් අඩුවෙන් පැවති බිත්තරයක තොග මිල මේ වන විට රුපියල් 40 කට ආසන්න වී ඇති තිබෙනවා.

මේ වන විට බිත්තර සිල්ලර මිල ද රුපියල් හතලිහේ සීමාව ඉක්මවා යමින් පවතින අතර, උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇති බවයි වෙලදුන් පෙන්වා දෙන්නේ.