බොස්ටන්, චිකාගෝ, ලොස් ඇන්ජලීස්, නිව්යෝර්ක් සහ වොෂින්ටන් ඩීසී ඇතුළු ඇමරිකාවේ බොහෝ නගරවල ට්රම්ප් පාලනයට විරුද්ධව විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.
ජනවාරි මාසයේ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු රට පුරා පැවති විශාලතම විරෝධතාව මෙය වන බවයි වාර්තා වෙන්නේ.
“අත් නොතබන්න” (Hands Off) යනුවෙන් පුවරුවල සටහන් කරමින් ඔවුන් මෙම විරෝධතාවල නිරත වී තිබෙනවා.
ලොව පුරා බොහෝ රටවලට එක්සත් ජනපදය ආනයන තීරුබදු පනවන බවට ට්රම්ප් නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසු, ලන්ඩන්, පැරිස් සහ බර්ලිනය ඇතුළු එක්සත් ජනපදයෙන් පිටත ද විරෝධතා සංවිධානය කර තිබුණා.
එසේම ට්රම්ප්ගේ ලඟින්ම සිටින elon musk හට ද මෙම විරෝධතාකරුවන් විරෝධතා එල්ල කර තිබෙනවා.


