සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද සිට පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු අවලංගු වනු ඇත.