පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ එරට වේලාවෙන් අද උදෑසන 6:04 ට මෙය සිදුව තිබේ.
එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව ඇතිව ඇති බවයි අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසන්නේ.
එමෙන්ම මෙම භූමිකම්පාවෙන් මිනිත්තු 30කට අනතුරුව රික්ටර් මාපකයේ 5.3ක පසුකම්පනයක් ඇතුළුව පසුකම්පන කිහිපයක් ද ඇති වී තිබෙනවා.
භූමිකම්පාව හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට අනතුරුදායක සුනාමි රළ ඇති විය හැකි බවට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරෙනු නමුත් පසුව එය අවලංගු කරනු ලැබුවා.

