රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.88 සිට රුපියල් 292.01 දක්වා සහ විකුණුම් මිල රුපියල් 300.39 සිට රුපියල් 300.68 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.