අවුරුද්දට ගමට යන්න විශේෂ දුම්රිය සේවයක්

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා ලබන 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

අදියර දෙකක් යටතේ මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ලබන 11,12 සහ 13 යන දිනවල කොළඹ සිට බදුල්ල, අනුරාධපුර, ගාල්ල, නුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශ සඳහා විශේෂ දුම්රිය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

එසේමඅවුරුදු චාරිත්‍ර අවසන් කර යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ලබන 18,19 සහ 20 යන දිනන්හිදී ද මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වනවා.