දිවුලපිටිය ප්‍රදේශයේ පාසල් ළමුන් 1300කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ වන විට පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කරුණු දැක්වීමක් කරමිනුයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

