අද සිට ක්‍රියාත්මක නව බදු සංශෝධන

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මක වනවා.

ඒ අනුව රුපියල් 100,000ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ ආදායම් බද්ද අද සිට රු.150,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම දේශිය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම ස‍ඳහා වන 15% ක බදු අයකර ගැනීම ද අද සිට ක්‍රියාත්මක වනු ඇත.