බිත්තරයටත් VAT

බිත්තර අලෙවියෙන් ලබන ආදායමට අද සිට 18% ක VAT බද්දක් පනවා තිබෙනවා.

කෙසේවෙතත් මේ හේතුවෙන් බිත්තර මිලෙහි වැඩිවීමක් සිදු නොවන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ.

බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවත් මේ හේතුවෙන් සිය කර්මාන්තය කඩා වැටීමක් සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් අවධාරණය කළේ.