විශේෂ අවුරුදු සහන මල්ල අද සිට

අලුත් අවුරුදු සමයට රජයෙන් ලබාදෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් විශේෂ අවුරුදු සහන මල්ල අද සිට ලබා ගත හැකි වනවා.

ඒ රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් ජාලය හරහායි.

රුපියල් 5,000ක් වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් ‘සහන මල්ල’ රුපියල් 2,500 ක මුදලකට මිලට ගැනීමටයි හැකියාව පවතිනවා.

හෙට (01) සිට ලබන (13) දින දක්වා කාලය තුළ මෙම සහන පැකේජය මිලට ගැනීමට හැකි වනවා.

ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමටයි කටයුතු කෙරුණේ.