මියන්මාරයේ ඇති වූ විනාශකාරී භූමිකම්පාව හේතුවෙන් මියන්මාර හමුදා පාලනය විසින් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද සිට ලබන අප්‍රේල් 06 වන දා දක්වා එරට ජාතික ධජ අඩකුඹු කර තබන බවයි ජුන්ටාව නිවේදනය කර සිටියේ.
මේ වන විට භූ කම්පනය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2,056 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය අය අතර චීන ජාතිකයන් තිදෙනෙකු සහ ප්‍රංශ ජාතිකයන් දෙදෙනෙකු ද සිටිනවා.
එසේම පුද්ගලයන් 3,900 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, 270 ක් තවමත් අතුරුදහන් වී බවත් වාර්තා වෙනවා.
කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
භූ කම්පනය හේතුවෙන් මහත් විනාශයක් සිදු වී ඇති මෙවන් පසුබිමක පවා එරට පාලනය ගෙන යන හමුදාව විසින් තම පාලනයට විරුද්ධ සන්නද්ධ කණ්ඩායම්වලට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට වාර්තා පළ වී තිබෙනවා.

