උප දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සෘජු වශයෙන් බලපා ඇති ගැටළු කඩිනමින් විසඳීමට පියවර නොගැනීම සහ දුම්රිය ස්ථානාධිපති සේවයේ දැනට පවතින අධික පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීමට විරෝධය පළ කරමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ.