ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබෙනවා.

නව සඳ දැකීමත් සමඟ, මාසයක් පුරා පැවැති උපවාසය අවසන් කරමින් අද දිනයේ ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය හෙවත් රාමසාන් දිනය සමරනු ලබනවා.

නව සඳ දිස්වීම හේතුවෙන් අද දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහා පල්ලිය ඊයේ (30) රාත්‍රියේ නිවේදනය කළා.

ඒ අනුව අද දිනයේ අලුත් ඇඳුම් අඳිමින්, විවිධ ආහාර වර්ග සකසමින් උත්සවාකාරයෙන් සමරනු ලබනවා.