12 වන ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය සංවිධානය කරන 12 වන ලෝක ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝම්බර් 05 වනදා දක්වා කාණ්ඩ 04 ක් යටතේ පැවැත්වෙනවා.

පිරිමි විවෘත
කාන්තා විවෘත
22න් පහළ පිරිමි

22 න් පහළ ගැහැණු

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන කණ්ඩායම් මේ සඳහා තරඟ වදිනු ඇත.

ඔස්ටේෂියා ක්‍රීඩා සංකීර්ණයේ සහ තලවතුගොඩ හි අලුතින් ඉදිකරන ලද U Pro Arena හිදී තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා.