ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් ගිලී යාමෙන් සිදු වූ අනතුරකින් සංචාරකයින් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.
කෙසේවෙතත් එම සබ්මැරීනයේ සිටි 39 දෙනෙකු බේරා ගැනීමට ද හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් පමණ දුරින් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේ එහි ගමන් කළ සංචාරකයින් රුසියාව, නෝර්වේ, ස්වීඩනය සහ ඉන්දියාවෙන් පැමිණි අය වනවා.
මියගිය හය දෙනාම රුසියානුවන් බවයි හඳුනා ගෙන ඇත්තේ.

