පූනාකරී ප්‍රාදේශීය සභාව, මන්නාරම ප්‍රාදේශීය සභාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව සදහා නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වනවා.
ඒ අනුව අද සිට මේ මස 27 වනදා මධ්‍යහ්න 12 දක්වා අදාළ නාම යෝජනා භාර දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
මෙම ප්‍රාදේශීය සභා තුනට අදාළව සිදු කෙරෙන ඡන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 10 වනදා ආරම්භ කෙරුණු අතර, එය අනිද්දා මධ්‍යහ්න 12 ට අවසන් වීමට නියමිතයි.

