Sushant Singh Rajput නඩුවේ අවසන් තීන්දුව ලබා දෙයි

බොලිවුඩ් නළු Sushant Singh Rajput ගේ මරණය සම්බන්ධ නඩුවේ අවසන් තීන්දුව ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ වාර්තාවේ ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස දක්වා ඇති අතර එයට කිසිදු බාහිර සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි දැක්වෙන්නේ.

මෙම තීන්දුවත් සමඟ, බොලිවුඩ් නිළි රියා චක්‍රබෝර්ති සහ ඇගේ පවුලේ අය සියලු චෝදනාවලින් නිල වශයෙන් නිදහස් කර තිබෙනවා.

34 හැවිරිදි Sushant Singh Rajput, 2020 ජුනි 14 වන දින ඔහුගේ බන්ඩ්‍රා හි පිහිටි නිවසේදී මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

පශ්චාත් මරණ පරීක්ෂණ වලින් අනාවරණය වුණේ ඔහුගේ මරණය හුස්ම හිරවීම හේතුවෙන් සිදු වූ බවයි.