පළාත් කිහිපයකට බලපැවැත්වෙන පරිදි රාත්‍රි කාලයේදී ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබදව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් මෙන්ම අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට මෙම අකුණු සහ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එහි දැක්වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

