රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඔහු මේ වන විට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂිත සිර මැදිරියක රඳවා සිටින බවයි වාර්තා වෙන්නේ.
අධිකරණ නියෝග මත එලෙස විශේෂ ආරක්ෂාවක් සැපයීමට පියවර ගත් බව යි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එක් දිනක් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර යලිත් ඊට පසු දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා යළි යලි අප්‍රේල් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

