එළැඹෙන අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඊයේ පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ඒ සමගම ආරම්භ කිරීමට නියමිත අතර මේ වන විට රටේ පවතින ස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන බවයි අවධාරණය කළේ.
මාස දෙකක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයකුත් මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයකුත් සෑදීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

