ඊශ්‍රායලය විසින් ගාසා තිරයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 330 දෙනෙකු මිය ගොස් ඇති බවයි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම මිය ගිය පිරිසට දරුවන් ද ඇතුළු වනවා.
සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ගාසා තීරයට පුළුල් ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය විසින් මින් පෙර අනතුරු ඇඟවීමක් කළා.
පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙසයි සැලකෙන්නේ.
ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානියක් සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතටයි.
හමාස් සංවිධානය යළි සංවිධානය වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ගාසා තීරයට දරුණු ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය සඳහන් කරනවා.

