2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබා දෙනු ඇත.
එමෙන්ම කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබා දීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

