අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර මේ වන විට විභාග මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ස්ථාපිත විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 534ට සියලු ප්‍රශ්න පත්‍ර යොමු කළ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2024/2025 සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භ වීමට නියමිත අතර විභාගය ලබන 26වනදා දක්වා පැවැත්වෙනවා.
මෙවර විභාගය මධ්‍යස්ථාන 3663කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
විභාගය සඳහා පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 478,182ක් වන අතර ඉන්, 398,182ක් පාසල් අයැදුම්කරුවන් වනවා.
මේ අතර පොලීසිය සඳහන් කළේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

