පාසල් ලිපි ද්‍රව්‍ය වවුචරපත් වල වලංගු කාලය දීර්ඝ කරයි

පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අදාළ වවුචරපත් වල වලංගු කාලය එළැඹෙන මාර්තු 31 වන දා දක්වා දීර්ඝ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම වවුචරපත් හෙටින් කල් ඉකුත්වීමටයි නියමිතව තිබුනේ.