ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු මුල්කරගනිමිනුයි.
ඒ අනුව පස්වරු 06 සිට උදෑසන 06 දක්වා ආපදා, මරණ ඇතුලූ සියලූ රාජකාරීවලින් ඉවත් වන බවයි මහනුවර අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් සුදක්ෂි තිලකරත්න කියා සිටියේ.

