එක්වෙනවාද නැත්ද යන්න 20ට කලින් කියන්න, එජාපය දැනුම් දෙයි

කොළඹ මහා නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයට මාර්තු 20 වනදා දක්වා කාලය ලබා දී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරන්නේ.

එසේම කොළඹ මහ නගර සභාවට අමතරව වෙනත් පළාත් පාලන ආයතන සඳහා එක්ව තරග කිරීමට සූදානම් නම් ඒ පිළිබඳ තීරණය ද මාර්තු 20 වනදාට පෙර ප්‍රකාශ කළ හැකි බවද දැනුම් දී තිබේ.