ලියාපදිංචි වාහනවලත් මිළ ඉහළට

මෙරටට ආනයනය කර ඇති රථ වාහනවලින් 90% ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවක්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ, රජය විසින්, ගත වූ මාස 06 තුළ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමත් සමඟයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසන්නේ, පවතින වාහනවලට ඉල්ලුම වැඩිවීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් රට තුළ තිබෙන ලියාපදිංචි කළ වාහනවල මිළ ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.