ඇද හැලෙන අධික වැසි හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන 07.00 වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවතිනවා.
එසේම මෙම වාන් දමන ජලාශ අතරින් මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ, රාජාංගන, ලුණුගම්වෙහෙර ජලාශ මෙන්ම සේනානායක සමුද්‍රය සහ පරාක්‍රම සමුද්‍රය ද ඇතුළත් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ජලාශවල ගබඩා කරගත හැකි මුළු ජල ධාරිතාවෙන් 93%ක් පමණ මේ වන විට ගබඩා කර ගැනීමටද හැකි වී ඇති බවයි වාරිමාර්ග ජල කළමනාකරණ අධ්යක්ෂ එච්.එම්.පී.එස්.බී. හේරත් මහතා පවසනවා.

