මාර්තු මාසයේ අස්වැසුම දීමනාව හෙට සිට

2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව මාර්තු මාසය සඳහා රු 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ, බෙදා හැරීමට නියමිතය.

අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව හෙට දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැක.